Friday, June 29, 2012

Piranha 3DD [2012] +18 Sinhala Subtitles (83 min 00 sec)



මුලින්ම කියන්න ඕනේ මෙය මගේ 21වැනි උපසිරැසි ගැන්වීමයි. මේ දක්වා කමෙන්ට් එකකින් හෝ මාව සහ zoom උපසිරැසි කණ්ඩායමේ අපිව දිරිමත් කල ඔබට ස්තූතිවන්ත වෙනවා. මෙයත් ඉල්ලීම් කිහිපයකට අහුන්කන්දීමක් වශයෙන් කරනු ලැබූ උපසිරැසි ගැන්වීමක්. මේ දිනවල ටිකක් කාර්යබහුල තත්වය නිසා මෙම උපසිරැසිගැන්වීමට දර්ශන නිශාන්ත (Punisher) සමඟ එකතුවෙලා තමයි උපසිරැසි ගැන්වීම ඉක්මන් නිම කරලා හැකි ඉක්මනින්ම ඔබට ලබාදෙන්න පුළුවන් වුනේ. ඔහු විසින් තමයි චිත්‍රපටයේ බාගයකටම උපසිරැසි යෙදීම් කෙරුවේ. ඔහුටත් ස්තූති වෙන ගමන්, චිත්‍රපටය ගැන කියුවොත්, මෙම වසරේ මැයි මස ලොවපුරා තිරගතවීම් ආරම්භකරන ලද මෙය චිත්‍රපටය 2010 වසරේ තිරගත වුනු Piranha (2010) චිත්‍රපටයේ දෙවෙනි කොටසයි. මුල් කොටසත් එක්ක මෙම කොටසේ ලොකු සම්බන්ද කමක් නම් නෑ. පලවෙනි චිත්‍රපටිය ගැන කෙටි හදුන්වාදිමක් චිත්‍රපටය මුලදිම කරන නිසා පලවෙනි එක නොබැලුවා කියලා ගැටලුවක් වෙන්නේ නම් නෑ.

Piranha කියන්නේ උල් සහිත දත් තියෙන මිනී මස් කන අති දරුණු මත්ස්‍ය විශේෂයක්. මොවුන් ජිවත් වෙන්නේ විල් සහ ගංගා ආශ්‍රිත භූගත ජලාශ තුලයි. කතාවේ හැටියට අලුතෙන් විවෘත කරන්න යන ජල ක්‍රීඩාපිටියකට මෙම මත්ස්‍ය වර්ගය විලට සම්බන්ද නල මාර්ගය ඔස්සේ පැමිණෙනවා. මුල් කතාවට ටිකක් සමාන වුනත් පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. මෙම මසුන්ගේ නැවත පැමිණීමත් සමඟ කිසිවෙකුටත් ජිවිත බේරාගැනීමට හැකි වෙයිද ? 
මෙය වැඩිහිටියන්ට පමණක් සීමාවූ චිත්‍රපටයක්. චිත්‍රපටය තුල අසභ්‍ය වදන් එලෙසම පරිවර්තනය කර නැතත්. අඩංගුවන දර්ශන මත වඩාත් සුදුසු වැඩිහිටියන්ට බව මතක්කරනවා.


700MB Torrent file එක මෙතනින් ගන්න.
388MB Torrent file එක මෙතනින් ගන්න.
සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න

No comments:

Post a Comment